හරක් කටාව CIDයෙන් පන්නන්න හැදූ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් සැරයන්වරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සැරයන්වරයා ‘හරක් කටා’ ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමේ සිද්ධියට, විදේශගතව සිට මෙහෙයවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ නැමැත්තා සමග ද වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ පොලිස් සැරයන්වරයාව (06) දහවල් කාලයේ දී මිදිගම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 36 හැවිරිදි දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.