රනිල් ජනපතිවීමෙන් පසු පවත්වන පළමු ජන රැළිය 10 වෙනිදා පවත්වනවා – අකිල

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණ රැළිය ලබන 10 වනදා කුලියාපිටියේදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසනවා.

”සැබෑව” යන්න තේමාව කරගත් මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමේ ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී එදින පස්වරු 2.00 ට පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන බවත්, එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා මෙම මහජන රැළිය සංවිධානය කර ඇති බවයි අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.