තැපැල් මුද්දරයකට තමන්ගේ ඡායාරූපයක් මුද්‍රණය කර ගැනීමේ අවස්ථාව ලබාදෙයි

තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ඒ අනුව තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 2,000 ක මුදලක් අය කරන බවත් එම මුද්දර 20 ක් සහිත කොළයක් ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.

මෙය සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් ලෙසද භාවිතා කළ හැකි බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.