කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 දක්වා රිමාන්ඩ්

කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලරත්න (06) නියෝග කළා.

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ සිදුවීමක් මත පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩු ගොනු කර තිබුනු අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය මස 13 වැනි දා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර තිබුණා.

නැවතත් එම නඩුව (06) කැඳවූ අතර, සැකකාර පොලිස් නිලධාරියා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලබාදුන්නා.

පොලිස් කොමිසමේ නිර්දේශ යටතේ පෙබරවාරි මස 15 දින සිට සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමට ලක්කර ඇතිිි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.