විදුලි බිල වැඩිවෙලා තියෙන ප්‍රධානම හේතුව මිළ අඩු විදුලි නිෂ්පාදන ප්‍රභවයන්ට යොමු නොවීමයි – ඉංජිනේරු කපිල පෙරේරා

වර්තමාන විදුලිබිල වැඩිවීමට ප්‍රධාන හේතුව වන්නේ අඩුමිල විදුලි ජනන ප්‍රභවයන් සඳහා යොමු නොවීම යැයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණහි සභාපති ඉංජිනේරු කපිල පෙරේරා පෙන්වා දෙනවා.

LNG භාවිතයෙන් අඩු මිලට විදුලිය නිපදවීම ලංකාවට ගෙන ඒමට අසමත් වී ඇති බවත්, රජයේ ඒ සඳහා වැඩපිළිවෙලක් නැති අතර දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියා නිසා මේ තත්ත්වයට පත්වී ඇති බවයි ඔහු පවසන්නේ.

අදානි සමාගම සමග ඇති ගිවිසුම අනුව මන්නාරම සුළං බලාගාරයෙන් ලැබෙන විදුලිය සාමාන්‍ය සුළං විදුලි ගාස්තුවට වඩා දෙතුන් ගුණයක මිලට ගිවිසුම් අත්සන් කරන බවත්, ඒ අනුව ලාභයට විදුලිය මිලදී ගැනීමට ඇති අවස්ථාවන් එන්න එන්නම මඟ හැරෙන බවත්, ඉදිරියේදී නැවත විදුලිය ඉහළ මිළකට ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.