නැවතත් කපුටු දේශපාලනයට යන්න මිනිස්සු කැමති වෙන්නේ නෑ – අජිත් පී. පෙරේරා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරිපත් වෙන ඕනෑම කණ්ඩායමක් හෝ මැතිවරණයක් ස්ථිර ලෙසම පරාජයට පත්වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

නැවතත් කපුටු දේශපාලනයට හෝ රටට එරෙහි දේශපාලනයට, රට බංකොලොත් කරන ලද දේශපාලනයට යාමට මිනිසුන් කැමති නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ආර්ථිකය විනාශ කරමින්, මිනිසුන් ලක්ෂ ගණනකගේ ජීවිත විනාශ කරමින්, රට විනාශ කිරීමට දායක වූ බවට ග්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ කණ්ඩායමේ මුදල් ඇමති වන බැසිල් රාජපක්ෂ යළි බලයට පැමිණෙන බවට ඔහු විසින්ම ප්‍රකාශ කරන බවයි බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ.