ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ නව ක්‍රමයක්

අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අදාල තරගයේදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කමක් පිරිනැමීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

එහි පළමු පියවර ලෙස බංග්ලාදේශයට එරෙහිව (04) පැවැති තරගයේදී රැකගත් විශිෂ්ට උඩ පන්දු තුන වෙනුවෙන් චරිත් අසලංකට තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කම, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන විසින් ලබාදීම සිදුකර තිබෙනවා.