2022 සිට වවුනියාවේ අලි ඇතුන් 68ක් මිය ගිහිං

2022 වසරේ සිට මේ දක්වා වවුනියාවේ විවිධ පළාත් වලින් අලි ඇතුන් 68ක් මියගොස් ඇතැයි වවුනියාව වනජීවී නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙම වන අලින්ගෙන් 41 ක්ම ගොවියන් විසින් සිදු කරණ ලද විදුලිය ඇදීම් හක්ක පටස් තැබීම් හා වෙඩි තැබීම් වලින් මියගොස් ඇති අතර තවත් 27 ක් මියගොස් ඇත්තේ දුම්රිය අනතුරු හා වෙනත් හදිසි අනතුරු හේතුවෙනි.

එක් වන අලියෙකු මියගොස් ඇත්තේ වැවක මඩේ එරීමෙන් බව සංඛ්‍යා ලේඛන වලට අනුව පෙනී යයි.

2024 වසරේ සිට වවුනියාව දිස්ත්‍රික්කයේ වන අලි මරා දැමීම අවම කිරීම පිණිස නිලධාරීන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් ගොවියන් දැණුවත් කිරීමටත් පියවර ගෙන ඇති අතර ඒ සදහා පළාතේ ග්‍රාම නිලධාරීවරුන්ගේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට විශේෂ වැඩ පිලිවෙලක් සකස් කොට තිබේ.