රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා දිවා ආහාර වැඩසටහනට කැබිනට් අනුමැතිය

රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා ”පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර,එක් සිසුවෙකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85/-ක මුදලක් වෙන් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

වෙළෙදපොළ තුළ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උචිඡාවචනය අනුව ඒක් අහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110/-ක පමණ මුදලක් වැය වන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ නිලධාරී කමිටුව විසින් වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images