කොළඹ පිහිටි දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කිරීමට රජයේ අවධානය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන මෙලෙස වැඩි දියුණු කිරීමේ ඉහළ විභවතාවත් බවතින බව 2023 වර්ෂයේ නොවැම්බර් මස 06 වනදා පැවති කැබිනට් රැස්වීමේදී හඳුනාගෙන තිබූ බවයි සඳහන් වෙන්නේ.

එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට අදාළ යෝජනාවට ද අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images