කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව (05) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 කගේ අත්සන් ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් තිබෙනවා.