අද කාලගුණ නිවේදනය

දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුරේ සිට ඊසාන දක්වා වන දිශාවලින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වනවා.