අද රටේ සංචාරය කරන්නේ සහ විනෝද වෙන්නේ තෙල් ටිකක් හොයාගන්න බැරුව හිටපු ජාතියක් – ජනපති

අද වන විට ලබා ඇති ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල අද සමාජයේද දක්නට ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ජනාධිපතිවරයා සඳහන් කළේ, අත්ට්‍රැක්ටරයේ සිට බස් රථය දක්වා ජනතාව අනුරාධපුර, ශ්‍රීපාදය, නුවරඑළියේ සංචාරය කරන බවයි.

වාහන මිලදී ගත් ණය ගෙවාගත නොහැකි වුනු පුද්ගලයින් සහ කූඩා ව්‍යාපාර සිදුකළ අය අද හිතේ බරක් නොමැතිව සිටින බවත් රට සෑම තැනකම සංචාරකයන් ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

අද මෙලෙස සංචාරය කරන්නේ සහ විනෝද වෙන්නේ ගෙදරින් එළියට බැසීමට, ලෙඩෙක් රෝහලට ගෙන යාමට හෝ මරණයක් ගෙන යාමට තෙල් ටිකක් සොයා ගැනීමට නොහැකිව තිබූ ජාතියක් බවත්, අද වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් කනපිට පෙරලෙමින් ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.