කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරුවේ අදාළ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත භාරදීමට බලාපොරොත්තු වන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කර තිබෙනවා.