උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන අද සිට ආරම්භ වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 2.00 ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.