අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කරන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

පාසල්වල පුරප්පාඩු පවතී නම් අදාළ විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළ යුතු බවද සඳහන්.

එබැවින් අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම්  සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.