Sri Lankan ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඒ අනුව ආයෝජකයෙකු පැමිණි පසු ලැබෙන මුදලින් අදාළ මුදල භාණ්ඩාගාරයට ගෙවිය යුතු බවට වන පොරොන්දුව මත මෙලෙස එම ණය මුදල රජයට පවරා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.