IOC සහ Sinopec ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා IOC සහ Sinopec යන සමාගම්වල ඉන්ධන මිල ගණන්ද අද (05) සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්වලට සමාන වන අයුරින් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල ගණන් පහතින්.

මිල අඩු වූ ඉන්ධන:

* පෙට්‍රල් 95 – රු. 9 කින් (නව මිල රු.447)

* සුපර් ඩීසල් – රු. 10 කින් (නව මිල රු.458)

* භූමිතෙල් – රු. 05 කින් (නව මිල රු.257)

මිල නොවෙනස් ඉන්ධන:

* පෙට්‍රල් 92 (මිල රු.371)

* ඔටෝ ඩීසල් (මිල රු.363)