IMF නියෝජිතයින් පිරිසක් අනිද්දා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරි කණ්ඩායමක් අනිද්දා (07) දිවයිනට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

තුන්වන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් මෙරටට පැමිණ සාකච්ඡා කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කළේ.

එහිදී ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.