ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ලංසු කැඳවීම අද

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05)

ඒ අනුව අද ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ.

අදාළ ලංසු ඉදිරිපත් කිරීම සජීවීව සිදුකිරීමට නියමිත අතර ඊට සහාය දැක්වීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.