පැතුම් පෙබරවාරි මාසය සඳහා වන ක්‍රීඩකයාගේ සම්මානයට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 2024 පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට තේරි පත්ව තිබෙනවා.

ඒ අනුව නවසීලන්තයේ Kane Williamson සහ ඉන්දියාවේ Yashaswi Jaishwal මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු දෙදෙනා වනවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි තරගාවලියේදී පැතුම් නිස්සංක දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස එම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

පැතුම් නිස්සංක සඳහා මෙතැනින් මනාපය පළ කිරීමේ හැකියාව පවතිනවා.