ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දෙකම මේ අවුරුද්දේ පැවැත්වීමටත් ඉඩ තියෙනවා – එස්.එම්. චන්ද්‍රසේන

බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු ගන්නා තීන්දු සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පුවත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියා.

ජනාධිපති අපේක්ෂකයන් දැන් වැඩි වී බවත්, මුලින් මහ මැතිවරණයක් පැවැත්වුවහොත් මේ පක්ෂවල තත්ත්වය බලාගත හැකි බවත්, ඒ නිසා තම පුද්ගලික කැමැත්ත ඇත්තේ පළමුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම ගැන බවත් ඔහු සඳහන් කරනවා.

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ අනිවාර්යයෙන්ම මෙම වසර ඇතුළත පවත්වන බවත්, මේ දෙකම පැවැත්වීමටත් ඉඩ ඇති බවයි මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ.