ජනතාව එකතු වී ඉදිරියට ඒම වැළැක්වීමට නොයෙක් පනත් ගේනවා – ජෝසප් ස්ටාලින්

ජනතාව සිටින්නේ බරපතළ පීඩනයකින් බවත්, ඉන් මිදීමට කල හැක්කේ අරගලයක් බවත්, ජනතාව එකතු වී ඉදිරියට ඒම වැළැක්වීමට නොයෙක් පනත් මගින් උත්සාහ කරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

‘කට වහන නීති එපා’ නම් වැඩමුළුවකදී ඔහු මේ අදහස් පළ කර සිටියා.

අරගලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුනේ සමාජ මාධ්‍ය හරහා නිසා Online Safety පනත ගෙනා බවත්, එය ගෙන ඒමේදී ප්‍රකාශ කලේ කාන්තාවන්ට හා දරුවන්ට අපහාස කිරීම වැළැක්වීමට නමුත් ඒවා වැළැක්වීමට ඕනා තරම් පනත් හා නීති තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනතා නැගිටීමක් සිදු වුවහොත් සිදුවන්නේ කුමක්දැයි පාලකයින් අත්දැකීමෙන් දන්නා බව ද, පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ජනතා නැගිටීම වැවැළැක්වීමට පනත් ගෙන එන බව ද ඔහු තවදුරටත් සඳහන් කළා.