අවලාද, මඩවලින් ජාතික ජන බලවේගය දුර්වල කළ හැකිව තිබූ කාලය දැන් අවසන් – අනුර

අවලාද සහ මඩවලින් ජාතික ජන බලවේගය දුර්වල කළ හැකිව තිබූ කාලය දැන් අවසන්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ආණ්ඩු පාර්ශවය ජාතික ජන බලවේගයට එරෙහිව එකතු වෙන බවද, මුදල් යොදවා රූපවාහිනී, පත්තරවල දැන්වීම් දැමීම සදහා ඔවුන් ප්‍රචාරක සැලසුම් සකසමින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා.

මේ වන විට ඔවුන් විවිධ අවලාද නගමින් සිටින නමුත්, එවැනි අවලාද සඳහා පිළිතුරු ලබාදීමටද තමන් කාලය මිඩංගු නොකරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.