හැටන් රක්ෂිතයේ ගින්න පාලනය කෙරේ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක (04) දින දහවල් හටගත් ගින්නක් පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ සේවකයින් සමත්විය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි එම ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් (04) දින දහවල් ගිනි තබා ඇති අතර , ප්‍රදේශයේ පැවති අධික වියළි කාලගුණය සහ දැඩි සුලං තත්ත්වය හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර ගියහ.

පැතිර යමින් තිබු ගින්න ගිනි නිවන ඒකකයේ නිලධාරින් සහ සේවකයින් විසින් පාලනය කිරිමට සමත්විය.