ලෝක ස්ථුලතා දිනය අදයි

ලෝක ස්ථුලතා දිනය අද (04) දිනට යෙදී තිබෙනවා.

තරබාරුබව විශාල ප්‍රශ්නයක් ලෙ​ස මතුවෙමින් පවතින බවත්, මේ නිසා ඇතිවෙන ලෙඩ රෝග ප්‍රමාණය ද වැඩිවී ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අදහස් පළ කළේ.

ලෝක ජනගහනයෙන් බිලියන 1.9 ක් බර වැඩි පුද්ගලයින් බවත්, ඉන් මිලියන 650 ක් තරබාරු බැවින් පෙළෙන බවත් වෛද්‍යතුමිය පෙන්වා දෙනවා.

බර වැඩි සහ තරබාරු පුරුෂ සංඛ්‍යාව 2021 වසරේදී 30% ක් දක්වා ඉහළ ගොස් තිබුණු බවත්, කාන්තා තරබාරුව 46.7%ක් දක්වා වැඩිවී ඇති බවත්, තරබාරුව වැඩිවීම මගින් බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වැඩි කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

සෑම වසරකම මාර්තු මස 04 වන දිනය ලෝක ස්ථුලතා දිනය සඳහා වෙන් කර තිබෙනවා.