අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක

අද (04) දිනයේත් ප්‍රදේශ කිහිපයකට උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලත් අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින් කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images news images