ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වැනි සංවත්සරය

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය (02) .

“සුරකිමු ලකඹර “ උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 73 ක් තම මව්බිම වෙනුවෙන් වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි වී තිබෙයි

1972 මාර්තු 02 වැනි දා රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ අතර පසුව එය ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට  පත් විය.

මෙවර ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සිය 73 වැනි සංවත්සරය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් අභිමානවත් ලෙස සැමරෙයි.

යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 73 ක යටිතල පහසුකම් සංවර්ධනය ,පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන් ,විනෝද ක්‍රීඩා ,දරුවන්ගේ දැනුම වර්ධනය වන වැඩසටහන් වැනි විවිධ ක්‍රියාකාරකම් උතුරු පළාත තුළ ක්‍රියාත්මක වෙයි