වෛද්‍ය සමන් රත්නායක CID ට පැමිණෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ප්‍රශ්ණගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු​ව වෙත පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.