මහ බැංකු නිලධාරීන් අඟහරුවාදා පක්ෂ නායක හමුවට කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ලබන අඟහරුවාදා (05) පෙ.ව. 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

(01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන්.