බිත්තර සඳහා නැවතත් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට උපදෙස්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවිර උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් ලබන සතියේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල රුපියල් 30 ක් පමණ වුවත් මේ වනවිට වෙළෙඳපලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

අවුරුදු මාසය තුළ හිඟයකින් තොරව බිත්තර සැපයීම කෙරෙහි රජය අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.