බාල ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළව වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැති පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය (29) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

බාල එන්නත් හා සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ක්‍රියාකළ අදාළ පුද්ගලයා මෙම නඩුවේ විමර්ශන කටයුතු මගහැර විදෙස්ගත වී ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේදී කරුණු දක්වා සිටියා.

ඒ අනුව රතු නිවේදනයක් නිකුත් කර ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහු යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස සොලිසිටර් ජනරාල්වරිය මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබුවා.