ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගාවලි අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වන කොළඹ ආනන්ද සහ කොළඹ නාලන්ද විදුහල් දෙක අතර වාර්ෂික ක්‍රිකට් තරගය අද (02).

මෙවර 94 වන වරට පැවැත්වෙන එම තරගය කොලඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ඉරුත් ගිම්ෂාන් නායකත්වය ලබාදෙන අතර කොළඹ නාලන්ද කණ්ඩායමට මෙවර නායකත්වය ලබාදෙන්නේ සජිත් විතානගේයි.