යලිත් කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

යලිත් කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

දැනට පවතින ඖෂධ හිඟය ඉදිරි මාස 6 ක කාලය තුළදී ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, අබලන් වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපාංග මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවද, ඉදිරි සති දෙකක කාලය තුල එම ගැටළුව නිරාකරණය වනු ඇතැයි විශ්වාසය පල කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.