නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය ශ්‍රේෂ්ඨාධිකරණ​ය අහෝසි කරයි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ඔහුගේ නීතීඥ භාවය අහෝසි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය (29) තීන්දුවක් ලබාදී තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඔහුගේ නම නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.