IMF නියෝජිත කණ්ඩායමක් මාර්තු මාසයේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇතැයි විශ්වාස කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එහිදී දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතයි.

දෙවන සමාලෝචනය අවසන් කර කාර්ය මණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.