සේවාවන් ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පිරිස් වෙත දැනුම්දීමක්

මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්යය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ සඳහා 0112 117 116 ස්වයංක්‍රීය දුරකථන අංකය හරහා මෙන්ම www.dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහාද දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ.

තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත් පසු අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතු බවත්, ඉන් පසු පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් කර කෙටි පණිවිඩයක් දුරකථනයට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.