වී මිලදී ගැනිම අර්බුදයකට පත් වෙලා – සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්

මෙවර වී මිලදී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ද ගැටළු රැසක් මතුව ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.

වී මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 105 ක් ලෙස නම්කර තිබුණ ද මහා පරිමාණ වී මෝල් හිමියන් සහ අතරමැදියන් රුපියල් 70-80 වැනි මිලකට වී මිලදී ගැනීම ඊට හේතුව බවයි රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපාකාර සමිතියේ ලේකම් එස්.ජී. ගුණදාස සඳහන් කළේ.

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවත්, වී මිලදී ගැනීමට රජය මැදිහත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.