මට කරපු අභූත චෝදනා, නින්දා අපහාස නිසයි මම මෙච්චර ශක්තිමත්ව නැගී සිටියේ – දේශබන්දු තෙන්නකෝන්

ලංකාව තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීම තම අරමුණ බවත්, ඒ වෙනුවෙන් පොලීසියේ දැවැන්ත පරිවර්තනයක් සිදුකරන බවත් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව අභියෝගවලට මුහුණදී වැඩ කරන නිලධාරීන්ට තමාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කරන බවත්, පොලීසියේ සැබෑ දක්ෂයින්ට ඉහළට පැමිණීමට අවශ්‍ය පරිසරය ඇති කිරීමටද තමා කටයුතු කරන බවයි සිය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

විවිධ අයට ඇඟිල්ල දිගුකර චෝදනා කිරීමට හා විවේචනය කිරීමට හැකි බවත්, තමාට පැවරුණ රාජකාරිය තමාට හැකි ශක්ති ප්‍රමාණයෙන් නිවැරදිව සිදුකළ බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

තමා තරම් නින්දා අපහාසවලට හා පහරකෑම්වලට ලක් වූ පොලිස් නිලධාරියෙක් සිටිනවාදැයි ඉතිහාසය පිරික්සා බැලිය යුතු බවත්, තමාට සිදුකළ අභූත චෝදනා හා නින්දා අපහාස නිසා තමා ශක්තිමත්ව නැගී සිටිය බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරත් සඳහන් කළා.