පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමට පියවර

සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

එබැවින් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එසේම විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගතයුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා විසින් උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images