දකුණු පළාතට අද ශෝක දිනයක්

දකුණු පළාතට අද (01) ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් මෙලෙස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අද දිනයේ පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.