ජපානයෙන් මෙරට ශ්‍රමිකයින්ට තවත් රැකියා අවස්ථා

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී තිබෙනවා.

ඒ අනුව එම ශ්‍රමිකයින් තෝරාගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වන බවයි මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමය අතර (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබෙනවා.

N4 මටටමේ ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාගත් අයට SSW කාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.