ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මාර්තු 13 සිට

නව ග්‍රාම නිලධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වනදා සිට දින තුනක් සිදුකරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

ඒ අනුව මෙම සම්මුඛ පරික්ෂණ 13, 14 සහ 15  යන තෙදින තුළ පැවැත්වෙන බවයි ඔහු පවසා සිටින්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් වූ 4,232 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති බවත්, සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.