කරවනැල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීමෙන් දෛනික පරීක්ෂණ කටයුතුවලට බාධා

කරවනැල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇති බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

මෙම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂණ සිදු කෙරෙන බව ද, යන්ත්‍රය අක්‍රිය වී ඇති නිසා දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ද එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කර සිටිනවා.

එසේම කළුතර රෝහලේ හා ගම්පහ මහ රෝහලේ  CT ස්කෑන් යන්ත්‍රද අක්‍රිය වී ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.