උණුසුම් කාලගුණයෙන් දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශ

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් විජලනයෙන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

(01) උෂ්ණත්වය අධික අවස්ථාවන්හි එළිමහනේ ළමුන් රැඳවීමෙන් වළකින්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙතද උපදෙස් ලබාදී තිබෙනවා.