Month February 2024

උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට ක්ෂණික ඇමතුම් අංකයක්

“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව දිනපතා පෙ.ව 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික…

උසස් පෙළට පෙනී සිටි දරුවන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක්…

හොඳ සෞඛ්‍ය සේවයක් මේ රටේ සෑම දරුවකුටම ලැබිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එන්නත්කරණය සඳහා තම දියණිය පෞද්ගලික රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ ළමා රෝග…

රට ගොඩනැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි – ජාජබ නායක අනුර කුමාර දිසානායක

මේ රට ගොඩ නැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. මෙය පෙරේදා (24) දින පැවැත්විණ. ජාතික…

කුරුණෑගල වකුගඩු ඒකකයේ මරණවලට රසායනිකයක් බලපෑවාද?

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ කිසියම් සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්…

කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට Online ක්‍රමයට

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කාර්යාංශයේ නිල වෙබ් අඩවියට  () පිවිස Registration for Point System Examination…

අද කාලගුණ නිවේදනය

අද දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල…

2010-2015 දියුණුව නැවත උදාකර ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි – සාගර

අරගලය පිටුපස පැවතියේ කිසිඳු පුද්ගලයෙකුට අවබෝධ නොවූ රට විනාශ කිරීම සඳහා වන වැඩපිළිවෙළක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා. එම කුමන්ත්‍රණය කුමක්දැයි මේ වන විට රටේ ජනතාවට පැහැදිළි වෙමින් ඇති බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.…

මහ බැංකුව මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවන්න – ෂෙහාන් සේමසිංහ

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව අදාළ වැටුප් වර්ධක සම්බන්ධ ව මෑත කාලීන ව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන්…