Month February 2024

කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

අද (03) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පවසනවා. අමාත්‍යවරයාගේ සෞඛ්‍ය හේතූන් මත මෙසේ ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාවේදී සිදුවන අන්තර්ජාල අපයෝජන, අකටයුතුකම් එරෙහිව යම් නීතියක්, ක්‍රමවේදයක් අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට අන්තර්ජාල සම්බන්ධතා මිලියන 14ක් ඇති අතර, බෝහෝ පිරිසක් අන්තර්ජාලය සහ සමාජ ජාල පරිහරණයට යොමු වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයට වාර්ෂිකව පැමිණිලි 12000ත් 14000ත් අතර ප්‍රමාණයක්ද, ශ්‍රී ලංකා පොලිසියට වාර්ෂිකව…

ඔන්ලයින් පනත සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මෑතකදී සම්මත කරගත් නව ඔන්ලයින් ආරක්ෂණ පනත මගින් ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා දැඩි සෘණාත්මක බලපෑම් ඇති කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිවේදනය කරනවා. X පණිවුඩයක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, පැන නගින සමාජීය…

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අවසර

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබාදී තිබෙනවා. මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්…

කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු…

A/L උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පවසනවා. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර…

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා මාර්තු සිට දිවා ආහාරය ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු‍ම දරුවන්ට දිවා ආහාරය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව එළඹෙන මාර්තු මාසයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක්…

නිදහස් උත්සවයේ රථවාහන රාජකාරී වලට පොලිස් නිලධාරින් 1500 ක්

හෙට (04) යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහාද නිලධාරින් 4,000ක් යොදවා ඇති බවයි රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික…

රු.10,000 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. යතුරු පැදිකරුවෙකුගේ වරද සඳහා නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ලෙස පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ යතුරුපැදිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා…

කොළඹට ආසන්න දුම්රිය ස්ථාන කීපයක හෙට දුම්රිය නවත්වන්නේ නෑ – දුම්රිය දෙපාර්තමේන්තුව

හෙට (04) දිනයේදී මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, කොළඹ නගරාසන්න දුම්රිය ස්ථාන කිහිපයක නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව, හෙට පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය තුල මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය…