Month February 2024

යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම් ලබාදෙයි

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.…

නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 754 කට නිදහස

නිදහස් දිනය වෙනුවෙන් ජනපති සමාව හිමි වූ සිරකරුවන් 754දෙනෙකු අද (04) දිනයේ නිදහස් කර තිබෙනවා. ඒ අතර කාන්තා රැඳවියන් 25 දෙනෙකුද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීමට අවසර…

SL vs AFG Test : ශ්‍රී ලංකාව ලකුණු 241 ක් ඉදිරියෙන් පළමු ඉනිම අවසන් කරයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 109 ක් තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 439 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…

ඊයේ මැරුණා කියා අද ජීවත්වන Poonam

ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට ඊයේ දිනයේ වාර්තාවූ ඉන්දීය සුරූපී රංගන ශිල්පිනියක් හා මෝස්‌තර නිරූපිකාවක් වන Poonam Pandey තමන් ජීවතුන් අතර සිටින බව ප්‍රකාශ කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. ඇය සඳහන් කරන්නේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ…

ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය…

අතීත වැරදි යළි සිදු නොකළ යුතුයි – ජනපති

අතීත වැරදි යළි සිදු නොකළ යුතු බව, නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබූ බවත් 76 වැනි නිදහස් දිනය වන විට එම…

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් ඉදිරියේ සිදුකර තිබෙනවා. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ,…

අභිරහස් නෞකාවක සුන්බුන් කැනඩාවේ Newfoundland වෙරළට

කැනඩාවේ Newfoundland වෙරළට ගසාගෙන ආ අභිරහස් නෞකාවක සුන්බුන් පිළිබඳව Newfoundland ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Wanda Blackmore නම් කාන්තාව පවසා ඇත්තේ තම පුත්‍රයා වෙරළට ගොස් සිටියදී මීටර් 24ක් දිග ලී නැව දැක ඇති අතර එය 19…

තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අගදී ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග ආරම්භ කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා පවසනවා. (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මේ…

උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් රුපියල් 2000 ක දීමනාව මෙවරත්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය 2023 (2024) උත්තර පත්‍ර ඇග­යීම සඳහා පසු­ගිය වර්ෂයේ පිරි­නැමූ රුපි­යල් 2,000ක සංයුක්ත දීම­නාව මෙව­රද පිරි­නැ­මී­මට පිය­වර ගන්නා බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි. සියලු ඇග­යීම් මධ්‍ය­ස්ථා­න­වල පරී­ක්ෂ­ක­ව­රුන් මේ සම්බ­න්ධ­යෙන් දැනු­වත් කිරී­මට විභාග කොම­සා­රිස් ජන­රාල්…