Month February 2024

T10 තරගාවලිය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය ‌මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. තරගාවලිය සදහා මෙරට ප්‍රධාන…

තව සතියකින් බැසිල් ඇවිත් සංවිධානය කරයි – මහින්ද

ඉදිරියේදී මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන්  (26) දිනයේ සාකච්ඡා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තවත් සතියකින් දෙකකින් පමණ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙන බවත්, ඉන් අනතුරුව සංවිධානය කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.…

ග්‍රහලෝකාගාරය හෙට සිට මාර්තු 12 දක්වා වසා දැමේ

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව,  (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්…

එළඹෙන ජනාධිපතිවරණයේදී කතාවලට සහ ජනරැළිවලට රැවටෙන්න එපා – පාඨලී

ජනාධිපතිවරණයට නිසි කලට පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී කතාවලට සහ ජනරැළිවලට නොරැවටී, දැන උගත් ලෙස හොඳට කල්පනා කර බලා කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන්…

රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා ජුලි මාසය වෙනකම් කියන්නේ නෑ – ගම්මන්පිල

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජනාධිපති අපේක්ෂකයෙක් ලබාගන්නා ලද අඩුම ඡන්ද සංඛාව ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජූලි මාසය වන තෙක් ප්‍රකාශ නොකරනු ඇති බවයි…

රනිල්ට ඓතිහාසික ජයක් ලබාදීමට මහජනතාව පෙළ ගැසෙමින් ඉන්නවා – වජිර

ඉදිරි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික ජයක් ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. ජනාධිපතිවරණය පවත්වන බවට මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. මහජනතාව විසින් ඔහුට ඓතිහාසික ජයක්…

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම…

කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න දෛනික වැටුපට සීමා කරන්න එපා

ජනතා ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නැහැ. මෙම වසරේ ජල ගාස්තු වැඩි වීමක් නැහැ- ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්. කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම…

යේමනයේ හවුති කැරලිකරුවන්ට සිවු වැනි වරටත් අමෙරිකා බ්‍රිතාන්‍ය ඒකාබද්ධ මිසයිල ප්‍රහාරයක්

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඒකාබද්ධව යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක 18කට සිව් වැනි වරටත් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව පෙන්ටගනය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ආයුධ ගබඩාවකට, ඩ්‍රෝන සහ ගුවන් ආරක්ෂක පද්ධතියකට, රේඩාර් පද්ධතියකට සහ හෙලිකොප්ටර් යානයකට එම ප්‍රහාර…

අමෙරිකාවෙන් රුසියාවට නව සම්බාධක 500ක්

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500කට වැඩි ප්‍රමාණයක් අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ ප්‍රධාන කාඩ් පත් ගෙවීම් ක්‍රමය, මූල්‍ය හා හමුදා ආයතන සහ නවාල්නි…