Month February 2024

Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් ගැසට් නිවේදනයක්

සමාජ මාධ්‍ය නියාමනය සඳහා රජය ගෙන ආ Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් එහි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.  

අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ විවේකානන්ද ජාත්‍යන්තර පදනම හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නවදිල්ලියේ පිහිටි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩලයක් (Think Tank) වන විවේකානන්ද ජාත්‍යන්තර පදනම හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම පිරිස ඊයේ (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation නම්…

ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන රනිල් සමග තවම එකඟතාවයකට ඇවිත් නෑ – සාගර කාරියවසම්

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග මෙතෙක් කිසිදු එකඟතාවක් ඇති කරගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ පිළිබඳව සිය පක්ෂය සමග වෙනම සාකච්ඡා කරන ලෙසට ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා විසින් මෙතෙක් ඒ සඳහා දිනයක් ලබා දී…

අවලෝකිතේශ්වර නමින් හැඳින්වූ පුද්ගලයාට ඇප

අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට…

ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම් හා විද්‍යාත්මක විසඳුම් පමණයි – ජනපති

ජනාධිපතිවරයා මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරමින් පවතින අතර එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * බස්නාහිර පළාතෙන් පිටතට අපි ආර්ථිකය පුළුල් කිරීමට කටයුතු කරනවා. * පළාත් 9 ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා…

හිටපු නාවික හමුදාපතිවරයෙක් සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී…

දීර්ඝ කාලීන දුෂ්කරතාවයකින් තොරව අපිට යළි ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගන්න හැකි වුණා – ජනපති

ජනාධිපතිවරයා මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරමින් පවතින අතර එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * ආර්ථිකය මේ අවුරුද්දේ පෙබරවාරි වෙද්දි යහපත් තත්ත්වයට පැමිණ තිබෙනවා. 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7% ක අයවැය ප්‍රාථමික හිඟයක් තිබියදීත්, 2023 දී…

අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලෙස උත්සව සමයේ පවුලකට සහල් කිලෝ 20 ක් ලබා දෙනවා – ජනපති

ජනාධිපතිවරයා මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරමින් පවතින අතර එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * අස්වැසුම හරහා ලක්ෂ 24 ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වෙනවා. * අඩු ආදායම් ලාභි ජනතාවට සහනයක් වශයෙන් උත්සව සමයේ එක් පවුලකට සහල්…

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ මුල් පුටුව හිටපු ජනපති චන්ද්‍රිකාට

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය…